(විනීතා එම්. ගමගේ)
රජයේ ප්‍රධාන වැවිලි සමාගම් 3කින් රුපියල් මිලියන 1,702ක අර්ථ සාධක හිඟ මුදලක් ගෙවීමට තිබෙන බව අනාවරණය වී ඇතැයි කම්කරු අමාත්‍යංශය කියයි.
ජනතා වතු සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව සහ ඇල්කඩුව වැවිලි සමාගම යන සමාගම්වලට අයත් වතු 10 ක සේවය කළ සේවක සේවිකාවන්ට මෙසේ අර්ථසාධක හිඟ මුදල් ගෙවීමට සිදුව ඇතැයි පැවැසේ.
මෙම රුපියල් මිලියන 1,702 න් මිලියන 550 ක් පමණ මුදල අර්ථසාධක නොගෙවීම හේතුවෙන් එකතු වූ අධිභාර මුදල වන බව ද වාර්තා වේ.
පසුගියදා රැස්වූ ජාතික කම්කරු උපදේශන සභාවේදී මෙම තොරතුරැ හෙළි වූ බව කම්කරු අමාත්‍යංශයේ ජ්‍යෙශ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
රජයේ වැවිලි සමාගම් විසින් හිඟ අර්ථ සාධක අරමුදල් දිගින් දිගටම නොගෙවීම සම්බන්ධව වතු වෘත්තීය සමිති විසින් සිදු කරනු ලැබු පැමිණිල්ලක් අනුව ඒ පිළිබඳව කම්කරු අමාත්‍යවරයා කම්කරු දෙපාර්තමේන්තු නිලධාරීන්ගෙන් සිදු කරනු ලැබු විමසීමකදී මෙම කරුණු අණාවරණය වි තිබේ.

