‘රජයේ දේපොළත් ඡන්දෙට අරන්’
පළාත් පාලන ආයතන 23ක් සඳහා ලබන 8 වැනි දා පැවැත්වෙන මැතිවරණය සම්බන්ධයෙන් පැමිණිලි 21ක් ලැබී ඇතැයි පැෆරල් සංවිධානය කියයි. පහරදීමේ සිද්ධි හතරක් හා රාජ්‍ය දේපොළ අයුතු ලෙස පරිහරණය කිරීම පිළිබඳව සිද්ධි 8ක් ද ඒ අතර ඇතැයි පැෆර්ල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි. මැතිවරණ නීතියට අනුකූල නොවන පරිදි නීති විරෝධී ප‍්‍රචාරක කටයුතු සිදු කරන බවට වූ පැමිණිලි රැසක් ද ලැබී ඇතැයි ද ඔහු කියයි.

