(කාංචන කුමාර ආරියදාස)
රජයේ ආපන ශාලා මගින් ගෙවිය යුතු බදු මුදල් රජයට නොගෙවා සිටීමට සමස්ත ලංකා හෝටල් හිමියන්ගේ සංගමය තීරණය කළ බව එහි සභාපති අසේල සම්පත් මහතා විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය.
දඹුල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී අසේල සම්පත් මහතා කියා සිටියේ රජයේ ආයතන ටෙන්ඩර් මඟින් හෝටල් හිමියන් විසින් පවත්වාගෙන යන බවත් ඔවුන් විශාල වශයෙන් දුක් මහන්සිවී රජයට ගෙවන බදු මුදල් භාණ්ඩාගාරය හරහා මන්ත්‍රීවරුන්ට සැප විඳීම සඳහා ලබාදීමට නොහැකි බවත් බැඳුම්කර මගඩිය සමඟ තමන් මෙම තීන්දුවට එළඹි බව සඳහන් කළේය.
එමෙන්ම බදු මුදල් එකතු කිරීම සඳහා නිලධාරීන් පැමිණෙන්නේ නම් ඔවුන්ට පහර දී එළවා දැමීමට සංගමය තීරණය කළ බව ද හෙතෙම සඳහන් කළේය.
අති විශාල මුදලක් වියදම්කොට රජයේ ආයතන ටෙන්ඩර් ලබාගත්තද ටෙන්ඩර් මගඩි වලින්ද රාජ්‍ය නිලධාරීන් විශාල වශයෙන් හෝටල් හිමියන් ගෙන් මුදල් අය කරන බවත් එමෙන්ම ඉතා අඩු මුදලකට රාජ්‍ය සේවකයන්ට ආහාර ලබාදීමට සිදුව තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය.
මේ වන විට පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රී වරුන්ට තවදුරටත් මුදල් හදල් ලබාදීමට රජය තීන්දු කර තිබෙන්නේ තම සාමාජිකයන් මහන්සිවී ගෙවන මුදල් බවද ඔහු සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේ සිටින සොරකම් කරන අයට රටේම ආශීර්වාදය හිමිවන බවත් කෙසේ වෙතත් රාජ්‍ය ආයතන වල ආපනශාලා පවත්වාගෙන යමින් ඔවුන් නඩත්තු කරන ආපනශාලා ව්‍යාපාරිකයන්ට ලුණු පොත්තට පවා දඩ ගසා අපහසුතාවයට පත් කරන බවද හෙතෙම චෝදනා කරන්නට විය.
එමෙන්ම දැනට වෙළඳපොලේ පවතින බත් ඔතන ලන්ච්ෂිටි කොළ නිෂ්පාදනය කරනු ලබන්නේ බඩඉරිඟු වලින් සහ අර්තාපල් අල වලින් යනුවෙන් ජනතාව රවටා ඇති බව ද ඔහු සඳහන් කළේ ය.
ඔහු අභියෝගයක් කරමින් කියා සිටියේ එවැනි නිෂ්පාදනයක් කර ඇත්නම් වහාම මාධ්‍යවේදීන් ගෙන්වා අර්තාපල් අල වලින් සහ බඩ ඉරිගු වලින් නිෂ්පාදනය කර ඇතැයි ව්‍යාජ ප්‍රචාරයක් ලබා දෙන එම ස්ථානය පෙන්වන ලෙසයි.
එමෙන්ම ආපනශාලාවලට සහ රටපුරා කසල තේ පැකට් අලෙවි කරන බවද හෙතෙම චෝදනා කරන්නට විය රජයේ ආපනශාලාවල අයකරනු ලබන අතිවිශාල මුදල හේතුවෙන් රෝගීන්ට මෙන්ම රාජ්‍ය සේවකයන්ට පරිභෝජනයට නුසුදුසු ආහාර ලබාදීමට හෝටල් කරුවන්ට සිදුව තිබෙන බව ද සඳහන් කළේය.
එමෙන්ම ආහාර සඳහා වගකිවයුතු ඇමතිවරයෙක් නොමැති බවද හෙතෙම චෝදනා කළේය.