‘රජයට බැරිනම් අපි කරල පෙන්වන්නම්‘ - ඩිලාන්


රජයට බැරිනම් තමන් ඇතුළු විපක්ෂය 20 වැනි සංශෝධනය ක්‍රියාත්මක කර පෙන්වන්නට සූදානම් බවත් ඊට බලය ලබාදෙන ලෙසත් ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා අද (18) ‍ බොරැල්ලේ එන්.එම්.පෙරේරා මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමගි කරන්න පත් කරපු කමිටුව අහෝසි බවට සමහරු රතු එළි දල්වලා තිබුණා. මෙතැන රතු එළියක් නෑ. අපි දැල්වූයේ එජාපයට ගෙදර යන්න කියන රතු එළියයි. අපි රජයට කියනවා දැන් බඩු පැක් කරගෙන ගෙදරයන්න ලෑස්ති වෙන්න. 20 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමට රජය කැමති නෑ. ඒ නිසා අපි ඒක ජනතාව වෙනුවෙන් කරලා පෙන්වන්නම්. ඒ වගේම නිදහස් පක්ෂය කඩලා එක්සත් ජාතික පක්ෂයට පාවලා දෙන්න එපා කියලා චන්ද්‍රිකා මැතිණියට වැඳලා කියනවා. මහින්ද - මෛත්‍රී පෙරටු කරගත් ආණ්ඩුවක් පිහිටුවා අපි රටේ සංවර්ධනය ඉදිරියට ගෙනයනවා‘

වාසුදේව නානායක්කාර, මහාචාර්ය තිස්ස විතාරණ, ඩග්ලස් දේවානන්ද, ඒ.එච්.එම්.හිස්බුල්ලා, ප්‍රභා ගනේෂන් ඇතුළු විපක්ෂයේ සන්ධානගත මන්ත්‍රීවරු පිරිසක්ද එම අවස්ථාවට එක්වූහ.

web1 web2 web3