වත්මන් ආණ්ඩුවේ දේශපාලන වැඩපිළිවෙළ ගැන තම පක්ෂයේ සුළු හෝ එකඟත්වයක් නැති බවත්, කිසිම හේතුවක් නිසා ආණ්ඩුවට සහාය නොදෙන බවත්, ජනතා විමුක්ති පෙරමුණ දැන් යන ගමන ගැන ද එකඟ නොවන නිසා ජනතා විමුක්ති පෙරමුණ සමඟ එකතු නොවෙන බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජාගොඩ මහතා කියයි.
ඔහු මේ බව කියනුයේ ලංකාදීප එසැණ සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි.
ඉදිරි මැතිවරණයේ දී ජනාධිපති අපේක්ෂකයකු ලෙස කුමාර් ගුණරත්නම් ඉදිරිපත් කිරීමේ අදහස ගැන ද , 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය, පෙරටුගාමීන්ගේ ප්‍රතිපත්ති, ඌව ඡන්ද ප්‍රතිඵලය, විපක්ෂයේ දේශපාලනය සහ ශිෂ්‍ය දේශපාලනය ගැනත් ඔහු කතා කළේය.
ජාගොඩ මහතා සමඟ කළ සම්පූර්ණ සාකච්ඡාව පහත වීඩියෝවෙන්.

