(ඉන්දික අරුණ කුමාර)
කොරෝනා වසන්ගතයෙන් රටෙහි පවතින තත්ත්වයත් සමඟ බොහෝ අසරණව සිටියේදී බොහෝ ප්‍රදේශවල අතවශ්‍ය අහාරද්‍රව්‍ය විකිණිමේදී වැඩිමිලට අලෙවි කිරීම් සිදුවන බවට පැමිණිලි තිබේ.
ඒ අතර මාතලේ දිස්ත්‍රික්කයේද බොහෝ ගම්මානයන්හි පිහිටි වෙළෙඳසැල්හි ඉතා අධික මිලට බඩු භාණ්ඩ අලෙවි කරන බවට පාරිභෝගිකයෝ නිතර මැසිවිලි නගති.
අත්‍යාවශ්‍ය භාණ්ඩ සගවාගෙන වැඩි මිලට අලවි කිරිම,විවිධ මිල ගනන් යටතේ එළවලු අලවි කිරිම ආදී ක්‍රියාවන් සම්බන්ධයෙන් මේ වන විටත් බොහෝ පිරිසක් කටයුතු කරමින් සිටින බව පාරිභෝගිකයෝ කියා සිටිති.
රජය මගින් පාලන මිලක් නියම කරනල ද සැමන් හා පරිප්පු මාතලේ ,දඹුල්ල,ලග්ගල ආදී ප්‍රදේශයන්හි අලවිසැල් වල නොමැති පවසන පාරිභෝගිකයෝ කියා සිටියේ ඇතැම් වෙළදුන් සඟවාගත් සැමන් හා පරිප්පු වැඩි මුදලට අලවි කරන බවයි.
මේ අතර ඊයේ (30) ඇදිරිනිතිය ඉවත්කළ මාතලේ දිස්ත්‍රික්කයේ ස්ථාන රැසකින් වාර් තා වූයේ දඹුල්ල ආර් ථික මධ්‍යස්ථානයේ කුණු කොල්ලයටවත් දීමට නොහැකි වූ එළවළු, අධික මිල ගනන් යටතේ විවිධ ස්ථාන වල අලවි වූ බවයි. දඹුල්ල ආර් ථික මධ්‍යස්ථානයේ රුපියල් 2 ක් වූ තක්කාලි නාඋල ඊයේ අලෙවි වූයේ කිලෝව රුපියල් 80 වටය.
එමෙන් වම්බටු,මෑකරල්,වැටකොළු මෙන්ම තවත් එලවලු වර් ග රැසක් රුපියල් 100 සිට 150 දක්වා මිල ගනන් වලට ජංගම වෙළදුන් විසින් අලවි කරනු දක්නට ලැබිණි.
කිසිදු වග විභාගයකින් තොරව විවිධ මිල ගනන් යටතේ ජංගම වෙළදුන් විසින් පැය කිහිපයකට සිදුකරනු ලබන මෙම වෙළදාම් සම්බන්ධයෙන් ඊයේ (30) දිනයේ කිසිදු රාජ්‍ය ආයතනයක වග කිවයුතු නිළධාරියෙකුගේ පරික්ෂාවට ලක් නොවු නාඋල නගරයේ ජනතාවද මෙවැනි පුද්ගලයින්ගෙන් එලළුලු ඇතුළු සෙසු ආහාරද්‍රව්‍ය මිලදී ගත්තේ බොහෝ විට දොස් පවරමින් බව ද ඇතැම් පිරිසක් කියා සිටියේය.
පැවැති තත්ත්වය සම්බන්ධයෙන් දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරියෙන් කල විමසීමේ දී එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ ඇදිරිනිති ඉවත් කරන අවස්ථාවන් හි කුඨ වෙළදුන් විසින් සිදුකරනු ලබන විවිධ විෂමාචාර ක්‍රියාවන් සම්බන්ධයෙන් අඛණ්ඩ වැටලීම් සිදුකරන බවයි.
බොහෝ ස්ථාන වල සිදුවන විිවිධ ක්‍රියාවන් සම්බන්ධයෙන් මහජනතාව විසින් ද අදාල පාර්ශව දැනුවත් කිරිම අත්‍යාවශ්‍ය කාරනාවක් බව කියා සිටි එම ප්‍රකාශකයා අවධාරණය කර සිටියේ මෙවැනි අවස්ථාවන් වල දි මහජනතාවගෙන් ලැබෙන සහාය වඩා වැදගත් වන බවයි.

