(සුජිත් හේවාජුලිගේ )
රජය ගැන කලකිරුණු මන්ත්‍රීවරු දහයක් පහළොවක් විපක්ෂයට එක් වීමට මේ දිනවල සාකච්ඡා කරන බව දිගාමඩුලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා පැවසීය.
විපක්ෂයට එක්වීමට තමා සමගත් මන්ත්‍රීවරුන් සිවු දෙනකු සාකච්ඡා කළ බව ඔහු කීවේය.
මේ මන්ත්‍රීවරුන් බොහෝ දෙනකුට ආණ්ඩුවේ වැඩ පිළිවෙළ ගැන ලොකු කලකිරීමක් තිබෙන බව ඔවුන්ගේ කතා වලින් පැහැදිලි වන්නේ යැයි කී දිසානායක මහතා අය වැය වැනි තීරණාත්මක අවස්ථාවලදී ඒ මන්ත්‍රීවරුන් ආණ්ඩුවෙන් එලියට ඒවි යැයි විශ්වාස කරන බවද ප්‍රකාශ කළේය.