‘යුද්ධයෙන් ඇමරිකන් ඩොලර් බිලියන 400ක පාඩුවක්’


(ඩයනා උදයංගනී) 


තිස් අවුරුදු යුද්ධය හේතුවෙන් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 400 ක පාඩුවක් වී ඇති බව ඉන්දියන් එක්ස්ප්‍රස් සඟරාව වාර්තා කර ඇතැයි උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (13) පාර්ලිමේන්තුවේදී පැවසීය.

රජය ඇමෙරිකානු ඩොලර් බිලියන 200 ක් හා එල්ටීටීඊ යත් ඒ හා සමාන මුදලක් යුද්ධය වෙනුවෙන් වැය කර ඇති බව එහි දැක්වෙන්නේ යැයි ඇමතිවරයා සඳහන් කළේය.

යුද්ධයෙන් සිදුවූ පාඩුව ශ්‍රී ලංකාව මෙතෙක් ගණනය කර නැතැයිද ඇමතිවරයා කීවේය.

මේ පාඩුව ගැන සිතා බලාවත් යළිත් යුද්ධයක් ඇති නොවීමට පියවර ගත යුතු බවද ඇමතිවරයා පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන අයවැය විවාදයට එක්වෙමිනි.