‘යුද්ධය නිම කළ මහින්දටත් ජාත්‍යන්තරය ජයගත් මෛත්‍රීටත් ගෞරව කරමු‘


ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ දේශීය පරීක්ෂණයක් කළ යුතුයැයි කෑ ගැසූ පිරිස්ද මේ වන විට කොටි සංවිධානයට හිතවත් කණ්ඩායම්වල මතයම දරමින් මානව හිමිකම් පරීක්ෂණ පිළිබඳ දේශීය යාන්ත්‍රණයකට විරෝධය දක්වමින් සිටින්නේ යැයි ශ්‍රීලනිප තරුණ පෙරමුණේ සභාපති හිටපු නියෝජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර මහතා අද (5) පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

යුද්ධය නිමා කිරීමේ ගෞරවය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදෙන අතර මානව හිමිකම් පිළිබඳ දේශීය පරීක්ෂණයක් කිරීමට ජාත්‍යන්තර ප්‍රජාව එකඟ කරගත් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කාර්යයද ගෞරවයට ලක්විය යුතු බව බණ්ඩාර මහතා කීවේය.

 

slfpshantha_20151055