(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මේ වෙන දේවල් වල හැටියට තමන්ට පාර්ලිමේන්තු එන්නට ලැජ්ජා හිතෙන බවද ඊළඟ පාර සිට දේශපාලනයෙන් අයින් විය යුතු බව ද සමගි ජන බලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී පලනි දිගම්බරන් මහතා පාර්ලිමේන්තුවේ දී අද (20)පැවසීය.
"ගෝඨා ගෝ හෝම්' කියා කෑ ගැසූ අය අද ජනපති ගේ ගෙදරට ම ගොස් ඇමතිකම් ලබා ගෙන ඇති බව කී දිගම්බරන් මහතා මෙවා මොනවාද කියා තමාට තේරෙන්නේ නැති බවද සඳහන් කළේය.
මේ අය ගියේ රට වෙනුවෙන් නොව තමන් වෙනුවෙන් යැයිද දිගම්බරන් මහතා සඳහන් කළේය.
වතුකරයේ තිබෙන වගා නොකළ ඉඩම් වගා කටයුතු කිරීම සඳහා එහි ජනතාවට බෙදා දෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටින බවද මෙහිදී පලනි දිගම්බරන් මහතා වැඩිදුරටත් පැවසීය.