‘යළි ඉදිරිපත්වීම ගැන තවම තීරණයක් නෑ’


මේ වසර අගදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීම සම්බන්ධයෙන් තමන් තවමත් තීරණයක් ගෙන නැතැයි ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද (31) පැවසීය.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ දිව්රුම් දීමේ උත්සවය සඳහා සහභාගි වීමට නවදිල්ලිය බලා ගොස් සිටින ජනාධිපති සිරිසේන මහතා නවදිල්ලියේ දී මේ බව ප‍්‍රකාශ කළේ යයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

”නැවත වරක් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වෙනවාද යන්න තීරණයක් ගන්න මට කිසිම හදිසියක් නෑ” යයි ශී‍්‍ර ලංකා ජනාධිපතිවරයා නවදිල්ලියේ දී පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය. නරේන්ද්‍ර මෝදි මහතාගේ දිව්රුම් දීමේ උත්සවයට පසුව මෙම පුවත් පත් සාකච්ඡාව පැවැත්විණ.

පුද්ගලයන් 250 කට වැඩි පිරිසක් මරුමුවට පත්කරමින්, අපේ‍්‍රල් මස 21 වැනිදා (පාස්කු ඉරිදා) සිදුවූ බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ රජය කෙරෙහි දැඩි විවේචන එල්ල විය.