‘යහපාලනයේ බලාපොරොත්තු සුන් නොකරන බව ජනපති ඔප්පු කළා‘


හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සන්ධාන අපේක්ෂකත්වය ලබාදීම නිසා කලබලයට පත්ව සිටි එජාප පාක්ෂිකයන් වත්මන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගියදා කළ ප්‍රකාශයත් සමග උද්දාමයට පත්ව සිටින බව හිටපු ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා බියගම මැතිවරණ ප්‍රචාරක රැස්වීමකදී පැවසීය.

‘ජනවාරි 8 වැනිදා මේ රටේ බහුතර ජනතාවක් මෛත්‍රිපාල සිරිසේන මහතා ජනපති කිරීමෙන් පසු බලාපොරොත්තුවූ යහපාලනය තව දුරටත් වත්මන් ජනපති ආරක්ෂා කරන බව මුළු රටටම විශ්වාසයක් ඇතිවී තිබෙනවා. ඒ සඳහා සහාය දුන් එජාප පාක්ෂිකයින්, සිවිල් සන්ධාන ඇතුළු ප්‍රගතිශීලී ජනතාවගේ බලාපොරොත්තු සුන් නොකරන බව ජනපතිතුමා ඔප්පු කළා‘