( අංජුල මහීක වීරරත්න පුඬළුඔය සිට)
යහපාලන රජය පිහිට වුයේ පොඩි මිනිහාට උපකාර කිරීමට යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑළිය පුඩළුඔයදී අද (12) පැවසිය.
රට ගිලගත් දැවැන්ත නාය යාම ගෙවා දමන අතර සියලුම ජනතාවට අනාගතයක් බිහි කරන ගමන සඳහා අඩිතාලම දමා තිබෙන බව කී අගමැතිවරයා 2025 ශක්තිමත් රටක් ගොඩනැගීම සඳහා සියලුම ජනතාවගේ සහයෝගය අපේක්ෂා කරන බවඳ කීය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවේ ඉන්දීයේ ආධාර යටතේ ඉදි කෙරැණු නුවරඑළිය පුඬළුඔය ඩන්සිනන් වතු යායේ ඉදි කෙරුණ මහත්මා ගාන්ධි ගම්මානය විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.
පර්චස් 7ක භූමියක් සහිතව තනි නිවාස 404 ක් මෙදින විවෘත කෙරිණි. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී මහතාද වීඩියෝ තාක්ෂණය ඔස්සේ එම උත්සවයට සුබ පැතීය.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී මහතාගේ පොරොන්දුව්‍කට අනුව තවත් නිවාස දස දහසක් ඉදි කිරීම සඳහා අදාළ ගිවිසුමට කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරන් මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්දු මහතා මෙහෙදී අත්සත් තැබීය.
(ඡායාරූප - ශාන්ත රත්නායක)