කොළඹ ප්‍රධාන පාසල් දෙකක ඇතුළු පාසල් කිහිපයක විදුහල්පතිවරුන් සම්බන්ධයෙන් හමස්මල්ලට දැමූ බව කියන විමර්ශන නැවත ආරම්භ කර ඔවුනට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නැයි ලංකා ගුරු සංගමය නව අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ඉල්ලයි.
වැරදි කරන නිලධාරීන් ආණ්ඩු මාරු වෙද්දී ඊළඟට එන ආණ්ඩුවේ උදවිය සමඟ එකතු වීම මෙතෙක් සිදු වී ඇති බවත්, මෙවර එලෙස වීමට ඉඩ නොදී විමර්ශන කඩිනම් කරන ලෙසත් සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පාසල් කඩයිම් ලකුණු නිකුත් කිරීමට හිටපු අධ්‍යාපන ඇමැති අපොහොසත් වූ බවද, එය සිසුනට කරන බලවත් අසාධාරණයක් බව ද, ශිෂ්‍යත්වය සමත් සිසුනට අවශ්‍ය පාසල් ලබා දීමට කඩිනම් වැඩපිළිවළක් සකස් කළ යුතු බව ද ස්ටාලින් මහතා සඳහන් කරයි.

