‘මොළේ උණට එන්නත ගන්න‘


මොළේ උණ රෝගය සඳහා ලබාදෙන ප්‍රතිශක්තිකරණ එන්නත ලබාගෙන නැති ළමා, තරුණ, වැඩිහිටි ඕනෑම අයකුට මහජන සෞඛ්‍ය කාර්යාලවලින් එය ලබාගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යංශයේ ප්‍රතිශක්තිකරණ වැඩසටහන කියයි.

වසංගත රෝග විද්‍යංශයේ වෛද්‍ය ආනන්ද අමරසිංහ මහතා පවසන්නේ මොළේ උණ ප්‍රතිශක්තිකරණ එන්නත (ජැපනීස් එන්සපලයිට් එන්නත) සාමාන්‍ය පරිදි වයස අවුරුද්දක් සම්පූර්ණ කරන දරුවන් දෙන බවයි.

1986 වසරේදී මෙරට වසංගත තත්ත්වයෙන් පැතිරී ගිය මොළේ උණ රෝගය මෙරටින් තුරන්වී ඇත.