‘මොහාන් පීරිස් එපා‘


මොහාන් පීරිස් අග විනිසුරු වශයෙන්  වැඩ බාර ගනීම හෝ වැඩ කිරීම වළක්වන වාරණයක් ඉල්ලමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රව අද (15) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළේය.

අග විනිසුරු පදවිය දැනට හිස්ව නැතැයි යන පදනම මත මෙම පෙත්සම ඉදිරිපත් කැර ඇත්තේ එම කේන්ද්‍රයේ පාක්‍යසෝති සරවණමුත්තු මහතා විසිනි.

ව්‍යවස්ථා සභා සාමාජිකයෝ වග උතුතරකරුවන් කරනු ලැබ සිටිති.

අගමැති, කතානායක, විපක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ එච් එම් අස්වර් හා ඩී එම් ස්වාමිනාදන් එම කමිටුවේ සාමාජිකයෝ ය.

විපක්ෂනායක හා ස්වාමිනාදන් මහතා අද උදේ රැස්වන එම කමිටුවට සහභාගී නොවූහ.