‘මෛත්‍රීගේ ලිපිය පුන පුනා ප්‍රචාරය එපා‘


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනපති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට යැවූ ලිපිය මාධ්‍ය මගින් යළි යළි ප්‍රචාරය කිරීමෙන් රාජපක්ෂ මහතාගේ අපේක්ෂකත්වයට අගතියක් විය හැකි බැවින් එම ලිපිය යළි යළි ප්‍රචාරය අත්හිටුවන ලෙස මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ශ්‍රී ලංකා රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය හා ගුවන් විදුලි සංස්ථාවට ලිඛිතව දන්වා ඇත.

මහින්ද රාජපක්ෂ මහතා අද (14) ඊට පිළිතුරු සැපයුවහොත් කළින් ලිපියට දුන් ප්‍රචාරය ඊට ද දෙන ලෙස ඔහු එම ආයතන වලින් ඉල්ලයි.

ඔහුගේ ලිපියේ පිටපත් සියලු මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වෙත ද, ජනමාධ්‍ය අමාත්‍යංශයට ද යවා ඇත.

මැතිවරණ කොමසාරිස්ගේ ලිපිය මෙසේ ය.

maco