‘මෛත්‍රීගේ අත්සන සුසිල්ගේ ලියුමට නෑ‘


මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට සන්ධානයෙන් නාමයෝජනා ලබා දීමට තීරණය කළ බවට සඳහන් ලිපියට මෛත්‍රීපාල සිරිසේන ජනපති අත්සන් තබා නැතැයි ඇමැති අර්ජුන රණතුංග මහතා සිය ෆේස්බුක් පිටුවේ පණිවුඩයක් සටහන් කරමින් කියයි.

මාධ්‍යවෙත යැවුණේ ලිපියේ පිටපතක් බවත්, එහි මුල්පිටපත ජනපති සිරිසේනට එවා ඇතිමුත් එය අත්සන් කිරීම ජනපති ප්‍රතික්ෂේප කර ඇති බවත් රණතුංග මහතා සඳහන් කරයි.

එවැනි තීරණයකට ශ්‍රීලනිපයේ ප්‍රභලයන් එකඟ වී නැති බව කියන රණතුංග මහතා ඉදිරියේ සත්‍ය හෙළිවනු ඇතැයි ද සඳහන් කරයි. 

මේ අතර අර්ජුන රණතුංග මහතාගේ මාධ්‍ය ලේකම් සමීර මංජු මහතා එසැණට කතා කර කීවේ ඇමැතිවරයා එවැනි ප්‍රකාශයක් කර නැති බවයි. එය වෙනත් පුද්ගලයකු දැමූ අදහසක් බවත්, පිටුවේ ‘ඇඩ්මින්‘ දැමූ එකක් නොවන බවත් ඔහු කීවේය.

මේ ගැන විමසීමට ඇමැති රණතුංග මහතා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් නොහැකි විය.

11693237_851073644980379_1288703414_n

11653321_851075684980175_491035678_n