‘මෛත්‍රී සිංහලෙන් ලොව ඇමතීම ගැන ආඩම්බරයි‘ - මහින්ද


ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිංහල භාෂාවෙන් එක්සත් ජාතීන්ගේ මහ සමුළුව අමතන විට තමාට ආඩම්බරයක් දැනුණු බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (15) කොළඹදී පොත් එළිදැක්වීමේ උළෙලකට එක්වෙමින් පැවසීය.

සිංහලයෙක් ලෙස මව් භාෂාව ලෝකය ඉදිරියේ කතා කිරීම හේතුවෙන් තමාට එවැනි ආඩම්බරයක් දැනුණු බවත් ජාත්‍යන්තරයේදී සිංහල භාෂාවෙන් ලෝකය ඇමතීම ඇතැම් පිරිස් වැරදි ආකාරයට අර්ථකථනය කිරීමට උත්සාහ කළස එවැනිදෑ නොසලකා හැරිය යුතු යැයිද රාජපක්ෂ මහතා කීවේය.

පසුගිය කාලවලදී තමා නියෝජනය කළ එක්සත් ජාතීන්ගේ සමුළුවලදී තමා මුල්වරට සිංහල හා දෙමළ භාෂාවලින් කථා කළ බවත් කී රාජපක්ෂ මහතා යුද ජයග්‍රහණයෙන් පසුව ලෝකයේ බලගතු රටවලින් ශ්‍රී ලංකාවට එල්ලවී ඇති බලපෑම් හේතුවෙන් මෙරටට යන කලදසාව පිළිබඳව අවධානයෙන් සිටිය යුතු යැයිද සඳහන් කළේය.

webMR_2015115book

WebMR20151015