මෛත්‍රීපාල ජනපතිවරයා දුන් පොරොන්දු සීමිත ප්‍රමාණයක් ඉටු කළත් ජනතාවට දුන් පොරොන්දු සම්පූර්ණයෙන් ඉටු කළ යුතු යැයි එක්සත් ජාතික පෙරමුණු මහනුවර රැළියට එක්වෙමින් රවුෆ් හකීම් මහතා කීවේය.
‘විධායක ජනපති ධූරය සම්පූර්ණයෙන් අහෝසි කරවා කිව්වත් දැන් ටිකයි අඩු කරලා තියෙන්නේ. සීමිත බලතල අඩුකරලා තියෙනවා. ඒකවත් කරපු එකට ගරු කරනවා. නමුත් නිසි ලෙස පොරොන්දු ඉටු කළ යුතුයි. මේ දේදුන්නක් විදියට තියෙන විශාල සන්ධානය එකතුවෙලා තියෙන්නේ ජනතාවට දුන් පොරොන්දු නිසි ලෙස ඉටු කිරීමටයි.‘
‘මහින්ද නාම යෝජනා අත්සන් කළාම මෛත්‍රීගේ නිහඬ විප්ලවයට දායක වුණු අය කීවේ ජනවාරි 8 තිබුණු මහින්ද දෙවැනි වර නෙමෙයි සදහටම ගෙදර යවන වැඩපිළිවෙළ අපි අගෝස්තු 17 සිදුකරනවා.‘ යැයි එම රැලියට එක්වෙමින් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

