‘මෛත්‍රී අපි උස්සලා පොළවේ ගැහුවා‘


‘සන්ධානයේ නාම යෝජනා ලැයිස්තුව හැදුවයින් පස්සෙ ජනාධිපතිතුමා සමග හිටපු කණ්ඩායම් හා සංවිධාන ජනපතිතුමාට පංච නින්දාවෙන් බනින්න පටන් ගත්තා. එතුමා ඊයෙ පෙරේද කළ ප්‍රකාශයෙන් අපි උස්සල පොළවෙ ගැහුව වගේ වුණා. ඒක අපට හරි අවාසියක්. හැබැයි එහෙම වුනත් මේ පක්ෂය කැඩෙන්න දෙන්නෙ නෑ‘ යැයි එස්. බී. දිසානායක මහතා දවුලගලදී පැවති උඩුනුවර ආසන බල මණ්ඩල හමුවේදී පැවසීය.

‘ මගේ ග්‍රාමිය සංවර්ධන ඇමති කමට උඩින් උසස් අධ්‍යාපන ඇමැතිකමත් දුන්නා. මම ටක් ගාල ජනාධිපතිතුමාට ගිහින් කිවුවා තමුන්නාන්සේට කුණුහරප පටාරමක් අහගන්න වෙයි, විශ්ව විද්‍යාල අයගෙන් මොකද මම කුණුකූඩෙට දාල කාණුවට දාල එළවලා හිටපු අය සේරම මෛත්‍රි ජනපතිතුමාට වැඩ කළ නිසා. ඒ නිසා මම අමාත්‍යධූරය අත් හැරියා. ඒ ඇමැතිකම සරත් අමුණුගම මහතාට දුන්නා‘ 

web2