රට නිවැරදි මඟට යොමු කිරීම සඳහා චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනපතිනිය යහපාලන පාර්ශ්වය සමඟ කටයුතු කරන බව එක්සත් ජාතික පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක ඇමැති අර්ජුන රණතුංග මහතා කියයි.
හිටපු ජනපතිනිය අද (02) රණතුංග මහතාගේ මහර මැතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානයට පැමිණියාය. ඇය ඇමැතිවරයා සමඟ විශේෂ සාකච්ඡාවක් ද කළාය.
ඉන් පසු මාධ්‍යයට අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීවේය.
‘අද මේ මැතිවරණය හොඳ සහ නරක මිනිසුන් අතර පැවැත්වෙන්නක්. චන්ද්‍රිකා මැතිණිය සෑම විටම සිටියේ හොඳ මිනිසුන් එක්ක. වෙනත් විදියකින් කියනවා නම් එතුමිය යහපාලන ආණ්ඩුවත් සමග හිටපු කෙනෙක්. අද යහපාලන ආණ්ඩුව තියෙන්නේ එතුමියගේ ප්‍රධානත්වයෙන්. මෛත්‍රීපාල සිරිසේන ජනපතිතුමා පදවියට ගේන්න මූලිකව ක්‍රියා කළෙත් ඇයයි. ඇගේ ආශිර්වාද අපට තියෙනවා. ‘











