‘මේ ආණ්ඩුවට තව දුරටත් වගකීම දැරීමේ අයිතියක් නෑ‘


(ඩයනා උදයංගනී, සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු )
 
පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වූ ආණ්ඩුවට තව දුරටත් රට හා ජනතාව පිළිබඳ වගකීම් ඉසිලීමේ අයිතියක් නැතැයි ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (10) පැවසීය.

 
මෙවැනි ආණ්ඩුවක් ගෙදර යැවීමේ හැකියාව පාර්ලිමේන්තුවට තිබෙන බව කී මන්ත්‍රීවරයා විපක්ෂය නිසි අයුරින් කටයුතු කළහොත් ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය ජයග්‍රහණය කිරීමේ හැකියාවක් තිබෙන බවද කීවේය.
 
 මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය ආරම්භ කරමිනි.