මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පසුගිය සතිය තුළ යම් ඉහළ යාමකට ලක්ව ඇති බවත් මේ මැතිවරණයේදී පසුගිය මැතිවරණවලට සාපේක්ෂව ඉතා පැහැදිලිව නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක වන බවත් මැතිවරණ නිරීක්ෂණයේ යෙදෙන කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් මහතා අද (6) කොළඹ පදනම් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
පසුගිය මැතිවරණවලදී සිදුවූ නීති විරෝධී ක්‍රියා, ප්‍රචණ්ඩ ක්‍රියා, දේශපාලන පක්ෂ නීතිය අතට ගැනීම වැනි අවාසනාවන්ත සිද්ධීන් මේ වන විට මුළුමනින්ම නැතිවී තිබීම සාධනීය තත්ත්වයක් බවත් ඔහු කීවේය.
මැතිවරණ නීතිය ආරක්ෂා කිරීම මේ වන විට සිටින දේශපාලන නායකයන් ක්‍රියාවෙන් ඔප්පු කර ඇති බවත් තම සංවිධානය එළිදැක්වූ වාර්තා අනුව පුද්ගලයන් 314 දෙනකු අත් අඩංගුවට පත්ව ඇති බවත් එයින් බහුතරය එක්සත් ජාතික පක්ෂයේ අය හා ඔවුන්ගේ ආධාරකරුවන් බවත් ඒ මහතා සඳහන් කළේය.


