‘මෙතෙක් තිබූ අවිනිශ්චිතම මැතිවරණය මෙවරයි‘


වත්මන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ තීරණයට චන්ද්‍රිකා, රාජිත, අර්ජුන වැන්නවුන් මෙතරම් විරුද්ධ වුවත් හුරු පුරුදු පරිසරය හා නිදහස් සන්ධානයේ  නායකයන් විසින් කළ බලකිරිම හේතුවෙන් මහින්ද රාජපක්ෂ මහතාට නාමයෝජනා ලබාදීමට තීරණය කළ බවත් පක්ෂය ඇතුළින් කරන බල කිරිම තදින් දැනුණු ජනපතිවරයා ගන්නට තිබු එකම විකල්ප තීරණය මෙය බවත් එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා ලංකාදීප එසැණට පැවැසීය.

නිදහස් සන්ධානය එකට එකතු විම එක්සත් ජාතික පක්ෂයට විශාල තර්ජනයක්  බවත් ජනවාරි 8 වැනිදා ජනතාව බලාපොරොත්තු වු වෙනසට මේ වන විට ජනතාවගේ එතරම් සතුටක් නොමැති බවත් මෙවර මැතිවරණය ලංකාවේ මෙතෙක් තිබූ අවිනිශ්චිතම මැතිවරණය විමට හැකි බවත් අත්තනායක මහතා කීවේය.