‘මෙතෙක් කලක් නොබලපු ජවිපෙ අපිව බාරගන්නේ කොහොමද?‘


‘නාවික හමුදාව නිල නිවස ඉල්ලා සිටිනවා නම් අපට බලෙන් ඉන්න බැහැ. නමුත් එම නිවස බාර දුන්නොත් මටයි දරුවන්ටයි යන්න තැනක් නැහැ‘ යැයි රෝහණ විජේවීර මහතාගේ බිරිඳ චිත්‍රාංගනී විජේවීර මහත්මිය එසැණ සමග පැවසුවාය.

තමන්ගේ ආරක්ෂාව සහ රැකවරණය ජනතා විමුක්ති පෙරමුණ බාරගන්නා බවට ටිල්වින් සිල්වා මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඇය කියා සිටියේ මෙතෙක් තමන් පිළිබඳ කිසිදු සෙවීමක් නොකර තමන්ගේ ඇමැතුමකට පිළිතුරු නොදෙන ජනතා විමුක්ති පෙරමුණ තමන් බාරගන්නේ කෙසේද යන්න එම පෙරමුණෙන් ප්‍රශ්න කරන බවයි.

මෙම චෝදනා අසත්‍ය බව ජනතා විමුක්ති පෙරමුණ එසැණට පැවසීය.