(තිළිණි ද සිල්වා)
වර්තමානයේ රටේ ඇති වී තිබෙන අනාරක්ෂිත තත්ත්වයට වගකිවයුත්තන් වන කැබිනට් අමාත්‍ය රිෂාද් බදුද්දීන්, බස්නාහිර හා නැගෙනහිර ආණ්ඩුකාරවරුන් වන අසාත් සාලි, එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබර් රහුමාන් වහා අත්අඩංගුවට ගෙන ඔවුන්ගෙන් ප‍්‍රශ්න කරන්නැයි ශ්‍රී ලංකා ජාතික භික්ෂු පෙරමුණ රජයෙන් ඉල්ලා සිටින බව එම පෙරමුණේ උතුරු කොළඹ ලේකම් අකුරැස්සේ අරියසාර හිමියෝ අද (05) කොළඹදී පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසූහ.
යුද්ධය පැවති කාලයටත් වඩා රට තුළ මහා භීතියක් ඇති කළ මේ මහා අපරාධයේ සුළ මුළ හෙළි කර ගැනීමට නම් මොවුන් සියලු දෙනා නීතියට හමුවට ඉදිරිපත් කළ යුතු යැයිද අරියසාර හිමියෝ එහිදී වැඩිදුරටත් කීහ.
රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා කොළඹ පුංචි බොරැල්ලේ පිහිටි වජිරාශ‍්‍රම විහාරයේ අද (05) පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව පැවසූහ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අකුරැස්සේ අරියසාර හිමියෝ මෙසේද පැවසූහ.
‘‘ හැමදෙනාම බලන්නේ තමන්ගේ ඡන්දගොඩ වැඩි කර ගැනීම පමණයි.ඇත්තටම රටට වුනේ මොකක්ද කියලා නිසි අයුරින් හොයලා බලලා අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගන්න වගකිව යුත්තෙක් මේ රටේ නැහැ.
පසුගියදා රටේ සිදුවූ අපරාධයේ සුළ මුළ ඉතා ඉක්මනින් සොයා ගත යුතුයි.ඉහත සඳහන් කළ දේශපාලනඥයින් සියලූ දෙනා වහා අත්අඩංගුවට ගන්න කියලා අපි ආරක්ෂක අංශ වලින් ඉල්ලා අද වෙනනොට රිෂාද් බදුද්දීන් අමාත්‍යවරයා රටින් පිටවෙලා ගිහින් සිටිනවා.ඔවුන්ට මේ සියලූ දේවල් කරන්න ඉතාම ඉහළින් අනුග‍්‍රහය ලැබෙනවා.ඒ නිසයි ඔවුන් මේ බයක් සැකක් නැතිව කටයුතු කරන්නේ. ඉකුත්දා පැවති මාධ්‍ය හමුවකදී බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා විනිශ්චයකාරවරුන් ඈදළ ඔවුන් මේවාට සම්බන්ධ බවට අසත්‍ය චෝදනා ඉදිරිපත් කරනවා.එමඟින් බස්නාහිර ආණ්ඩුකාරවරයා සිදු කර ඇත්තේ අධිකරණයට අපහාසයක්.
ජාතික භික්ෂු පෙරමුණ ලෙස අපි රජයෙන් ඉල්ලා සිටින්නේ ත‍්‍රස්ත ක‍්‍රියා මෙරටින් තුරන් කිරීමට නම් එැවැනි දෑ වලට අනුබල දෙන්නන් වහා නීතීය හමුවට ඉදිරිපත් කළ යුතු බවටයි.එසේම මේ ගැටලූ වලට පිළියම් සෙවීමට සියලූ ආගමික නායකයින්ගෙන් සුසැඳි ආරක්ෂක කමිටුවක් පත් කළ යුතු බවට අප යෝජනා කර සිටිනවා" යැයිද අරියසාර හිමියෝ පැවසූහ.
ප‍්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ජාතික භික්ෂු පෙරමුණේ කළුතර දිස්ත‍්‍රික් ලේකම් වල්ගම ශ්‍රී චන්ද්‍රරත්න හිමියෝ මෙසේද කීහ.
‘‘ දිගින් දිගටම මේ රටේ අවාසනාවන්ත තත්ත්වය ඇති වෙමින් පවතනවා. සංහිඳියාව වෙනුවෙන් පාරම්බාන අයගේ කොඳු කඩා දමමින් ඇති වූ තිබෙන කුරිරු ත‍්‍රස්තවාදය කොයි වෙලේ ඇති වෙයිද කියන බයෙන් සැකෙන් රටේ සියලූ ජනතාව ජීවත් වන කොට අතේ පත්තුව බේගල් කියමින් ආණ්ඩුවේ දේශපාලනඥයින් කිසිවක් සිදුනොවූවාක් අයුරින් සිටිනවා.
‘‘මෙවැනි නොසැලකිලිමත් තත්ත්වයක් හමුවේ දැන් වසරේ දෙවැනි පාසල් වාරය හෙට (06) සිට ඇරඹෙනවා. අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කරනවා ‘‘ ළමයින්ට ප‍්‍රශ්නයක් නැහැ , එයලා රක්ෂණය කරලා කියලා ...මේ දරුවෝ ඉන්නා තාත්තා කෙනෙක් කියන කතාවක්.පාසල් යන දවසේ පාසල් යන අපේ දරුවන්ට මම යෝජනා කරනවා ඉස්සෙල්ලාම පාසලට යනකොට කඩුවක් අරන් යන්න කියාලයි. පාසල මාසයකින් අරින්නේ ඒ නිසා කැලේ කපන්නයි කඩු ගෙනියන්නේ කියලා මේවා අරන් යන්නේ ඇයිද කියලා පොලිස් නිලධාරියෙක් ඇහුවාම කියන්න මම අපේ දරුවන්ට යෝජනා කරනවා.
පර්චස් හය හතකට නොඩු ඉඩම් වල කිසිදු බිම් අඟලකට ඉඩ නොතියා තට්ටු පිට තට්ටු ගණනින් ගොඩ නඟා ඇති මුස්ලිම් පල්ලි වල කැලේ කපනවා නම් අපේ දරුවන්ගේ පාසල් වල කොහොම කැලේ වැවිලා ඇතිද.ඒ නිසා බය නැතිව අපේ දරුවෝ පාසලට යන කොට කැලේ කපන්න කඩුවක් අරන් යන්න.
අර සංහිඳියාව ගැන රටේ නැති වාද පෙරැළි කළ එක් නායකයෙක් රටේ අසමගිය ඇති කරන්න පන්සල් වලට ලියුම් එවන්න හදලා.
මේ ආණ්ඩු ඉන්නේ එවැනි දේශපාලනඥයින්. බදුද්දීන් කියන ඇමතිවරයා රටින් පැනලා ගිහිල්ලා.
මට ලැබුණු තොරතුරක් අනුව බණ්ඩාරගම අටළුගම් කියන ප‍්‍රදේශ්‍ය ඇතුළු දිවයිනේ මුස්ලිම් පල්ලි 11 ක භූගත ආයුධ ගබඩා බංකර් ළහි ළහියේ හදමින් පවතිනවා.එක් භූගත බංකරයක් දිගින් අඩි 18 ක් පළලින් 8 ක් වන ඒවා බවට ඒවා සෑදීමේ නිතර මේසන් බාසුන්නැහේලා මා සමඟි පවසා තිබෙනවා. ඔවුන් කියා ඇත්තේ වැසිකිලි අවශ්‍යතා යැයි හුවා දක්වමින්.බණ්ඩාරගම පොලීසියේ ප‍්‍රධානත්වයෙන් පැවති ආරක්ෂක කමිටු රැුස්වීමකදී අප මේ ගැන රහස් පොලීසිය ඇතුළු අදාළ පොලිස් බලධාරීන් දැනුවත් කරා.
දැන් අපේ ඥානසාර හාමුදුරුවන් සිරගතවුනා විනිශ්චයකාරතුමාගේ වැඩකටයුතු වලට බාධා කිරීමෙන් අධිකරණයට අපහාසයක් සිදු වූවා යැයි කියමින්.එතකොට අර බස්නාහිර ආණ්ඩුකාර අසාත් සාලි විනිශ්කාරවරුන් සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී කළා යැයි කියන දේ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගන්නේ නැත්දැයි අපි විමසනවා."
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා භික්ෂු පෙරමුණේ සාමාජික භික්ෂූන්වහන්සේලා පිරිසක්ද එක්වූහ.

