‘මුලදී හිරිහැර කළා‘
පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සමාජික කුමාර් ගුණරත්නම් (නොයෙල් මුදලිගේ) මහතා අද සවස ඕස්ට්‍රෙලියාවේ තම නිවසේ සිට මෙරට මාධ්‍ය ඇමැතීය. මාදිවෙල පිහිටි පෙරටුගාමි පක්ෂ මූලස්ථානයේ දී ‘ස්කයිප්‘ තාක්ෂණය ඔස්සේ ඔහු හොඳ සිංහලෙන් කථා කරමින් මාධ්‍ය හා එක්විය. කිරිබත්ගොඩ ගැමුණු මාවතේ තමන් සිටි නිවසේ දොර කඩාගෙන පැමිණි ආයුධ සන්නද්ධ පිරිසක් තමන් පැහැරගත් බවත් ඒ මොහොතේම දෑත්වලට මාංචු දමා දෑස් කළු රෙදිපටියකින් බැඳ ඔවුන් පැමිණි වාහනයට දමා ගත් බවත් ඔහු කීවේය. පැහැරගත් මුල්දිනයේ පහරදී වධහිංසා කළ බවත් ලිංගික හිංසා ඊට ඇතුළත් බවත් කුමාර් කීය. තමන් පැහැරගනු ලැබුවේ රාජ්‍ය ආරක්ෂක අංශ විසින් බව දැඩිසේ විශ්වාස කරන බවත් ජනතා විමුක්ති පෙරමුණ මෙම පැහැර ගැනීමට කිසිදු සම්බන්ධයක් නැතැයි සිතන බවත් මාධ්‍යවේදියකුගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා සිටියේය.‘‘මම නීති විරෝධි ක්‍රියාවක් කළා නම්, මම ලංකාවේ ආගමන නීතිරීති උල්ලංඝනය කළා නම් මා අත්අඩංගුවට ගෙන නිසි නීති පියවර නොගෙන වහාම රටින් බැහැර කෙළේ මන්දැයි ඔහු ප්‍රශ්න කෙළේය. ජිවිතය තිබෙනතුරු සමාජවාදය නැමැති උසස් දේශපාලනයේ නිරත වන බවත් ඉදිරියේ දී නැවත ලංකාවට පැමිණීමටත් ඉඩ ඇති බවත් හේ පැවැසීය. ප්‍රශ්න කැර තොරතුරු ගැනීමෙන් පසුව තමා මරා දමතියි සිතූ නමුත් දෙවැනි දිනයේ සිට සැර බාල වී වදහිංසා ද අඩුවී යැයි කුමාර් කීවේය. කොළඹ හෝ ගම්පහ වැනි පෙදෙසකට තබාගෙන යන්නට ඇතැයි සිතන බව ද ඔහු සඳහන් කෙළේය. වෑන් රියකින් දෙමටගොඩ ගෙන ආ පිරිස එහි පොලිසියට යන ලෙස කියන තර්ජනය කළ බව ද ඔහු කීවේය.

