‘මුතුගල සර්‘ සමු ගනී


අඩ සියවසකටත්  වඩා  වැඩි  කාලයක්  රාජ්‍ය සේවා විභාග දේශකයෙකු හා ගුරුවරයකු වූ තියෝබෝල්ඩ් මුතුගලගේ  මහතා කළුරිය කළේය.

“මුතුගල සර්” නමින් රට පුරාම ජනප්‍රිය වු ඔහු සිංහල, සාමාන්‍ය දැනීම,  ලිපිකරු සේවය, ලඝු ලේඛනය හා යතුරු ලේඛනය සම්බන්ධ උපකාරක පංති පැවැත්වීය. ග්‍රන්ථ රාශියක්ද මොහු විසින් සම්පාදිතය.

එ් මහතාගේ  අවසන්  කටයුතු  13 වැනි සඳුදා සවස 4.00ට ගම්පහ බැන්ඩියමුල්ල රෝමානු  කතෝලික පොදු  සුසාන භුමියේ දි  සිදු කිරීමට නියමිතය.