අද තරුණ තරුණියන්ට ස්ථිර රැකියා නැති බවත් මීළඟ අවුරුදු 5 ප්‍රධාන කාර්යය වන්නේ මේ රටට රැකියා ලක්ෂ 10ක් බිහිකිරීම බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (22) ඇල්පිටිය බස්නැවතුම්පොළ ඉදිරිපිට ජනරැලියකට එක්වෙමින් පැවසීය.
පොරොන්දු වෙනුවට සැලසුම් ගෙන එන පංච මහා සංවර්ධන සැලසුම් සකස් කරන බව අගමැතිවරයා එහිදී කීවේය.

