‘මීතොටමුල්ල කුණුකන්ද ගිනි ගත්තොත් මහා විනාශයක්‘


මීතොටමුල්ලේ කොළඹ නගර සභා කුණු කන්ද මීතේන් ගෑස් නිසා පිපිරී මහා ඛේදවාචකයක් වීමට ඉඩ ඇතැයි මාධව කොඩිතුවක්කු නම් පෞද්ගලික සමාගමක නිලධරයෙක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය හමුවේ කියා සිටියේය.

මෙම කුණු කන්ද උපයෝගී කරගෙන තම සමාගමට විදුලිය නිපදවීමට හැකි නමුත් කොළඹ නගර සභාව ඊට ඉඩ නොදෙතියි ඔහු කීවේය.

මහජන පීඩාව ගැන සැලකිල්ලක් නොදක්වා නගර සභාව මේ සිද්ධිය දිනෙන් දින කල් තමතියි ඔහු පැවසීය.

කොළඹ පුරපති මොහොමඩ් මුසම්මිල් මහතා අධිකරණයට දැන්වූයේ මාස තුනකින් මේ ප්‍රශ්නයට විසඳුම් සෙවීමට කල් දෙන ලෙසයි.

මහේස්ත්‍රාත්වරිය ජුනි 19 වැනි දා ට නඩුව කැඳවීමට නියෝග කළාය.