මීගලෑවෙන් සිව් හැවිරිදි දරුවකු පැහැරගෙන විසි හතර පැයක් ගත වීමෙන් පසුව ද ඒ ගැන හෝඩුවාවක් නැතැයි දරුවාගේ මව සහ පියා කියති.
දරුවා බේරා ගැනීමට තමන් සතු ඕනෑම වස්තුවක් වැය කිරීමට සූදානම් බව පියා කියයි.
දරුවාගේ ඡායාරූප හා විස්තර ඇතුළත් පත්‍රිකා මීගලෑව හා අවට ප්‍රදේශවල බෙදා හැර ඇත.
මේ ගැන සුළු හෝ තොරතුරක් ඇත්නම් පහත සඳහන් නිලධරයනට දන්වන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
වයඹ පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති - 071 81 37 007
චන්දන අලහකෝන් - 077 47 84 635



