‘මිය ගිය ගණන කියන්න බෑ‘


මාතර ඉසදීන් නගරයේ සිට විනෝද චාරිකාවක යෙදුණු වෑන් රියක් මාතලේ ඇල්කඩුව සෙංගුවත්තේ වැවට පෙරලීමෙන් මිය ගිය පිරිස දෙදෙනකු බව මුලින් ලැබුණු වාර්තාවල සඳහන් වෙතත් එම ප්‍රමාණය වැඩි විය හැකි බව පොලිසිය කියයි.

සිව් දෙනකු පමණ මිය ගොස් ඇතැයි ස්ථිර නොවූ ආරංචි කියයි.

වයස අවුරුදු පහේ සිට 10 දක්වා වන දරුවන් ද වෑන් රියේ සිටි බවත්, අඩු ගණනේ පිරිමින් 11 දෙනකුවත් එහි සිටින්නට ඇති බවත් කියති.

තුවාලකරුවෝ මාතලේ හා මහනුවර රොහල්වලට යවනු ලැබ සිටිති.

(සෙම්බුවත්ත වැවේ ඡායාරූපයකි)

d06c8ba3-31fd-4348-9997-ce49ffd39e46

Untitled-1 Untitled-2 Untitled-3