හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා නේවාසිකව ප්‍රතිකාර ලබන කොළඹ ඩර්ඩන්ස් පෞද්ගලික රෝහලට සෙනසුරාදා (20) ගිය සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පැය දෙකක පමණ පිළිසඳරක යෙදී ඇතැයි වාර්තාවේ.
ඇමැති රාජිත සමග පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතාද එහි ගොස් ඇත.
බැසිල් රාජපක්ෂ මහතා එම රෝහලේ 7 වැනි මහලේ වාට්ටුවක නේවාසිකව ප්‍රතිකාර ලබයි. ඔවුන් සාකච්ඡා කළේ කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නැත.

