‘මැනලා නුදුන්නත් අම්මා කිරි අපට : දීපල්ලා කොටස මළගම කරන්නට‘


මවගේ බැංකු ගිණුමේ මුදල් ගැනිමට ප්‍රමාද වන නිසා මවගේ අවසන් කටයුතු වලට යන වියදම පොලිසිය මැදිහත් වී තම අනික් සොහොයුරියන්ගෙන් ද සම සමව ලබා දෙන ලෙස ඉල්ලා ‍මියගිය මවගේ එක් දියණියක් පැමිණිලි කළ බව ‍පේරාදෙණිය පොලිසිය පවසයි.

ඇය දියණියන් පස් දෙනකුගේ මවකි. එම දූවරුන් මව මාරුවෙන් මාරුවට රැකබලාගත් බවත් රෝගාතුරව වැඩිමහල් දියණියගේ නිවසේදී මව මිය ගිය බවත් කියති. මවගේ බැංකු පොත හා මවගේ රන් ආභරණද වැඩිමහල් සහෝදරිය සතුව ඇති බවත් තුන්වන සහෝදරිය පොලිසියට පවසා ඇත.

අවමගුල කටයුතු අවසන් කිරිම සදහා අනික් සහෝදරියන්ගෙන් මුදල් ඉල්ලු විට අවමගුල් කටයුතු සඳහා මුදල් දිම ප්‍රතික්ෂේප කර ඇත. මවගේ අවමගුල් කටයුතු සඳහා මව විසින්ම බැංකු ගිනුමේ මුදල් තැන්පත් කර ඇති අතර එම මුදල් ගැනිමට ප්‍රමාද වන නිසා දියණියන් අතර ගැටලු කාරි තත්වයක් මතු වි ඇති බවත් පොලිසිය පැවැසිය.

මව මියගිය මොහොතේ තුන්වැනි දියණියගේ නිවසේ සිට ඇති අතර මවගේ අවසන් කටයුතු සදහා දේහය සුසාන භුමියට ගෙන යාමට හා මරණයේ කටයුතු වලට හා මල්ශාලවට යන මුදල රුපියල් 40,000 ක් පමණද වෙනත් වියදම් සදහා රුපියල් 30,000 ක් වැය වන බවත් දූවරුන් කියා ඇත.

ඒ මුදල් පොලිසිය මැදිහත් වි අනික් සහෝදරියන්ගෙන්ද ලබා දෙන ලෙස ඉල්ලා දේහය තැන්පත් කර ඇති තුන්වැනි දියණිය විසින් පේරාදෙණිය පොලිසියේ පැමිණිල්ලක් දමා ඇති බවත් පොලිසිය පවසයි.

ඉන් පසු පොලිස් නිලධාරින් විසින් දියණියන් සියල්ලන්ටම කතා කර ඔබලාට මවගේ  අවසන් කටයුතු කරන්නට නොහැකිනම් පේරාදෙණිය පොලිසිය මැදිහත් වි මවගේ අවමගුල් කටයුතු කරන බව පැවසු විට ‘එහෙම කරන්න එපා එහෙම වුනොත් අපට ලජ්ජාවන බවත්‘ දියණියක කියා ඇත. වියදම් සමව බෙදා ගැනීමට දූවරුන් අන්තිමේදී එකඟවූ බව කියති.