‘මැතිවරණයක් පැවැත්වීමට නොහැකි නම් අධිකරණයට යන්න‘


(අනීෂා මානගේ)


මැතිවරණ කොමසාරිස්තුමාට පවතින බලතල අනුව මැතිවරණයක් පැවැත්විය නොහැකිනම් අධිකරණයට යායුතු බවද එසේ නොමැතිනම් ඉල්ලා අස්වීම සුදුසු බවද හම්බන්තොට දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.


නාමල් රාජපක්ෂ මහතා මෙසේ පැවසූයේ අද(01) තංගල්ල කාර්ල්ටන් නිවසේදී මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමිනි.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මෙසේද කීවේය.


අපි මැතිවරණ කොමසාරිස්තුමාට කියන්නේ ඔබතුමාට තිබෙන බලතල වලින් මෙය ක්‍රියාත්මක කරන්න බැරි නම් ඔබතුමා අධිකරණයට යන්න. අධිකරණයෙන් ඉල්ලීමක් කරන්න මැතිවරණයක් තියන්න අවස්ථාවක් දෙන්න කියලා. නැත්නම් මේ ස්වාධීන මැතිවරණ කොමසාරිස්තුමා ඉන්නවට වඩා හොඳයි ඉල්ලා අස් වෙන එක. දැන් අවුරුදු හතරක් වැඩ නෑනේ.