‘මැතිවරණය මල් වට්ටි වෙන්දෙසියක් කරගෙන‘ - ටිල්වින්


‘අපි මඩ අවලාද දේශපාලනය කරන්නේ නෑ. පොරොන්දු දේශපාලනයේ යෙදිලත් නෑ. නමුත් සමහර ප්‍රධාන පක්ෂ පුරුදු දේශපාලනයේම යෙදී ඉන්නවා. බලය ගිලිහෙමින් ඉන්න අය නොයෙකුත් මඩ ප්‍රචාර ගෙනයමින් ජනතා විමුක්ති පෙරමුණට පහර ගහන්න පටන් ගෙන තිබෙනවා‘ යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද (26) මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය.

‘සමහරු අල්ලේ පැලවෙල බොරු පොරොන්දු දෙනවා. මල් වට්ටි වෙන්දේසියක් කරගෙන තිබෙනවා. ඒ බාල දේශපාලනය අපි කරන්නේ නෑ. සමාජය පිළිගත් උගත් අය අපේ පක්ෂයේ අපේක්ෂකයන් ලෙස දමා තිබෙනවා.‘ යැයි ද ටිල්වින් සිල්වා මහතා කීවේය.