‘මාගම්පුර වරායේ කටයුතු ජනවාරි 18ට පෙර‘


(විනීතා එම් ගමගේ)

හම්බන්තොට වරායේ නව පරිපාලනය යටතේ ක‍්‍රියාත්මක වන දිනය දෙසැම්බර් අටවැනිදා  ප‍්‍රකාශ කළ හැකි බව වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.

චයිනා මර්චන්ට් පෝට් සමාගම සමඟ ඇති කරගත් ගිවිසුම අනුව වැඩ කටයුතු ආරම්භ කිරීමට මාස හයක කාලයක් පවතින අතර එම කාල සීමාව ජනාවරි 18 වැනිදා අවසන් වන බවත් ඒ අනුව ඊට පෙර වරාය කටයුතු ආරම්භ කළ හැකි බවත් හෙතෙම කියයි.

ගිවිසුම අනුව දෙසැම්බර් අට වැනිදා වන විට මුලික මුදලින් සියයට 10 ක් ශ්‍රී ලංකාවට ලබා දිය යුතු වන අතර අදාල සමාගම සමඟ සාකච්ඡා කර එම ප‍්‍රමාණය සියයට 30 ක් දක්වා වැඩි කරගත් බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

ඒ අනුව විදේශ මුදල් සංචිතයට ඩොලර් මිලියන 446 ක් පමණ දෙසැම්බර් අට වැනිදා වනවිට එකතු වනු ඇතැයි ද සමරසිංහ මහතා කියයි.

නව එකඟතා අනුව කැබිනට්  පත‍්‍රිකාව නැවත සකසා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව අමාත්‍යවරයා කීය.

මහින්ද සමරසිංහ මහතා බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ දී අද (09) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදීය.