‘මා සිරගත කිරීමේ වගකීම මුළුමනින්ම ආණ්ඩුව බාරගත යුතුයි‘


 
(විනීතා එම් ගමගේ)


තමන් සිරගත කිරිමේ වගකීම අනිවාර්යයෙන් ආණ්ඩුව භාරගත යුතු යැයි ගලබොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවැසූහ. 


රටේ ප‍්‍රධානම ඇමතිවරු දෙදෙනෙක්, හා ඊටත් උඩින් සිටින තව කෙනෙකුත් එකතුවෙලා අනිවාර්යයෙන්ම ඥානසාරට ජම්පරේ ඇන්දවිය යුතු යැයි කතා කළ බවට තමන්ට ආරංචී වී තිබු බව ද උන්වහන්සේ සඳහන් කළහ. 


යුක්තිය ඉෂ්ඨ කරන්නට ඉඩක් නොදී විශේෂයෙන් රාජ්‍ය නොවන සංවිධාන වල, පිළිවෙතින් බෞද්ධත්වයට එරෙහිව කෲර විදියට චෝදනා එල්ල කරන තානාපති කාර්යාලවලට  ඕනැ අන්දමින් වාර්තා සකස් කරමින් රාජ්‍ය නොවන සංවිධානවලට අයත් බත් බැලයින් කිහිප දෙනෙක් එකතුවී සංවිධානය වී කළ කුමන්ත‍්‍රණයක් ලෙස තමන්ට එරෙහි තීන්දුව එළියට පැමිණියේ යැයි ද උන්වහන්සේ පැවැසූහ. 


අවුරුදු 15 ක පමණ තිස්සේ තමන් සිරගත  කරන්නටත් ජම්පර අන්දවන්නටත් මේ රටේ බලවේග රාශියක් ක‍්‍රියාත්මක වූ බවත් අදත් එය  ක‍්‍රියාත්මක වන බවත් ඥානසාර හිමියෝ කීහ.


උන් වහන්සේ මේ අදහස් පළ කළේ රාජගිරියේ පිහිටි බොදු බල සේනා මුලස්ථානයේ අද (26)පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. එහි දී විශේෂ (ප්‍රකාශයක් කරමින් තව දුරටත් අදහස් දැක්වූ ඥානසාර හිමියෝ මෙසේ ද කීහ.


‘‘රාජ්‍ය නොවන සංවිධාන වල හා මේ රටේ ආගමික ඝට්ටනයන් නිර්මාණය කිරීම නව යටත් විජිත කරන වැඩ පිළිවෙලක් යටතේ ක‍්‍රියාත්මක වන මුල ධර්මාවාදි ක‍්‍රිස්තියානි සංවිධාන 455 ක් අපි එක්ක ගැටෙනවා.

අනෙක් පැත්තෙන් මේ රටේ සාම්ප‍්‍රදායික  සහ පාරම්පරික මුස්ලිම් ජනතාවත් සිංහලයාත් අතර ඇති ඓතිහාසික  බැඳීම් දෙකඩ කිරීමට වහබ්වාදි සංක‍්‍රමනික කල්ලි රට තුළත් රටින් පිටතත් දරුණු ගණයේ මති මතාන්තර ගොඩ නගනවා. ඒ අයගෙත් හීනයක්  තිබුණා එක දවසකටවත් බොදු බලසේනාවට ජම්පර අන්දවන්න  ඕන කියලා. 


මේ දිනෙන් දින වැටෙන ජාතිය නගා සිටුවන්න ගන්න උත්සාහයේ දී අපෙන් නිර්දය ලෙස විවේචනයට බඳුන් වුණුපක්ෂ විපක්ෂ භේදයක් නැනතිව මේ දේශපාලන ධාරාවේ උඩින් ඉන්න මැති ඇමතිවරුන් මට ජම්පර අන්දන්න උත්සාහ කරනවා.


දේශපාලකයන්  කියන කියන  ඕනැම දඩයමක් කරන්න සුදැනම් නිලධාරි පෙලැන්තියක් මේ රටේ ඉන්නවා. හැම ආයතනයක ම මේ අය ඉන්නවාත විශේෂයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ එහෙම කට්ටියක් ඉන්නවා. ?ට මදුවිතක් තොලගාන ගමන් හෙට කාටද වැඬේ දෙන්නේ කියල මේ අය කථා කරනවා. තුච්ඡු තුප්පහි ගණයේ නිලධාරි රෙජීමයක් මේ දෙපාර්තමේන්තුවේ ඉන්නවා. පොලිසියේ අධිකරණයේ සමහර විට බන්ධනාගාරයෙත් මේ අයගේ කොටසක් ඉන්නවා. ’’

(ඡායාරූප - චතුර එස් කොඩිකාර )