‘මළගිය ඇත්තෝ‘ හොරට ගහලා මළ ජූලියයි


මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ගේ මළගිය ඇත්තෝ සුප්‍රසිද්ධ නවකතාව අනවසරයෙන් මුද්‍රණය කර අලෙවි කළ බව  කියන සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඉදිරියේ වරද පිළිගත්තේය.

මහේස්ත්‍රාත් සිය තීන්දුව ලබන 28 වැනිදාට කල් තැබිණි.

සරච්චන්ද්‍ර මහතාගේ බිරිය ලලිතා සරච්චන්ද්‍ර මහත්මිය රහස් පොලිසියට කළ පැමිණිල්ලක් අනුව විත්තිකරු ළඟ තිබී මළගිය ඇත්තෝ පොතේ හොරට මුද්‍රණය කළ පිටපත් 31 ක්ද සොයා ගැනිණි.

සරච්චන්ද්‍ර මහත්මිය අධිකරණය හමුවේ කියා සිටියේ තමාට වන්දි අනවශ්‍ය බවයි. එහෙත් වැරදිකරුට උපරිම දඬුවම් පනවන ලෙස ඕ ඉල්ලා සිටියාය.