ශී‍්‍ර ලංකා පිලේ පා දඟ පන්දු යවන කී‍්‍රඩක රංගන හේරත් රිය අනතුරකින් ජීවිතක්‍ෂයට පත්වූයේ යයි කියැවෙන අසත්‍ය පුවතක් ‘ට්විටර්’ ජාලයේ පළවීම නිසා ඕස්ටේ‍්‍රලියාවේ වෙසෙන ශී‍්‍ර ලාංකිකයෝ මෙන්ම ‘ට්විටර්’ පරිශීලකයෝත් මහත් සේ කැළඹී ගියහ. මෙම පුවත පළවීමෙන් පසු, සෙනසුරාදා (5 වැනිදා) රංගන හේරත් ශී‍්‍ර ලංකා කණ්ඩායම වෙනුවෙන් තුන්වැනි ටෙස්ට් තරගයට සහභාගි වීම සඳහා සිඞ්නි පිටියට පිවිසියේය.
‘ට්විටර්’ ජාලයේ පළවූ අසත්‍ය පුවතින් කියැවී ඇත්තේ සිඞ්නි නුවරදී සිදුවූ රිය අනතුරකින් රංගන හේරත් ජීවිතක්‍ෂයට පත්වූ බවත් ශී‍්‍ර ලංකා පිලේ හිටපු වේග පන්දු යවන්නකු වන චමින්ද වාස් තුවාල ලබා දිවි බේරාගත් බවත්ය.
මෙම ප‍්‍රවෘත්තිය ඉතා වේගයෙන් පැතිරී ගිය අතර ඇතැම් ‘ට්විටර්’ පරිශීලකයෝ සිය සංවේගය පළකරමින් සහ රංගන හේරත්ගේ පවුලේ සාමාජිකයන් වෙත සිය කණගාටුව ප‍්‍රකාශ කරමින්ද ‘ට්විටර්’ ජාලයට පණිවුඩ එක්කළහ.
සිඞ්නි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනයේදී ශී‍්‍ර ලංකා පිල වෙනුවෙන් පිටියට පිවිසි රංගන හේරත් පන්දු යවමින් ලකුණු 95 කට කඩුලූ 4 ක් දවාගත් අතර පන්දුවට පහර දෙමින් දිනය අවසානයේදී නොදැවී ලකුණු 7 ක්ද ලබා සිටියේය.
තරගයෙන් අනතුරුව පැවැති පුවත් පත් සාකච්ඡුාවේදී රංගනගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ශී‍්‍ර ලංකා පිලේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්නගෙන් වාර්තා කරුවෝ විමසා සිටියහ.
”අපි උදේ (සෙනසුරාදා) ආහාර ගනිමින් සිටින විට තමයි මේ කතාව දැනගන්නට ලැබුණේ. ඒත් රංගන නම් අපිත් එක්ක හිටියා” යයි ඔහු සිනාසෙමින් පිළිතුරු දී තිබේ.

