‘මහින්දත් එක්ක සදාචාරය බෑ‘


  ‘සන්ධානයේ උදවිය දන්නේ නෑ කොහේද ඉන්නේ කියලවත්. පක්ෂයේ නායකයාම කියනවා මේ රට ආරක්ෂා කරන්න ඕනෑ නම් රටේ සදාචාරයක් ඇති කරන්න ඕනෑ නම් මහින්දට ඡන්දය දෙන්න එපා කියා.‘යි එක්සත් ජාතික පක්ෂයේ කෑගල්ල දිස්ත්‍රික් අපේක්ෂක රුක්මන් සේනානායක මහතා දැරණියගල දි පැවසීය.

‘ඉදිරි මහ මැතිවරණයෙන් මුළු රටේම එක්සත් ජාතික පක්ෂය ජයගන්නවා. රටේ තරණ පරපුර බලාපොරොත්තු වෙන්නේ සිය බලාපොරොත්තු ඉටු කරන ආණ්ඩුවක් බිහි කිරීමයි. සියලු ජාතීන් වෙනුවෙන් එජාපය කැප වෙනවා. ‘