ඒකාධිපති පාලනයට , පවුල් වාදයට හා දුෂණයට, භීෂණයට එරෙහිව ජනවාරි 8 වැනිදා සිදුකළ පරිවර්තනය ආපසු හැරවීමට නොහැකි නිසා මහ ඡන්දයට මහින්ද රාජපක්ෂ මහතාගේ සන්ධානයෙන් තරගයට ඉදිරිපත්වන ලෙස කළ ආරාධනය ඉවත දැමූ බව හිටපු ජනමාධ්‍ය ලේකම් කරුණාරත්න මහතා මාධ්‍ය හමුවකදී අද (14) කීවේය.
යහපාලනය සඳහා වු එක්සත් ජාතික පෙරමුණේ අලියා ලකුණින් රත්නපුර දිස්ත්‍රික්කයට තරග කිරීම සඳහා ඔහු පසුගියදා ඉල්ලා අස්විය.


