‘මහින්දට නාම යෝජනා ලැබෙනවා‘ - කෙහෙළිය


හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට නාම යෝජනා ලබාදීමටත් ඔහු කණ්ඩායම් නායකයා කිරීමටත් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා එකඟවී යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන මහතා ඇතුළු පිරිසක් අද (30) පෙරවරුවේ හිටපු ජනපතිවරයා මහනුවරදී හමුවූ අවස්ථාවේදී මේ බව පැවසූ බව රඹුක්වැල්ල මහතා සඳහන් කළේය.

නමුත් එවැනි එකඟත්වයකට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණයක් ගෙන නොමැති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අගමැති අපෙක්ෂකයකු නම් කර නැති බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කියයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැතිවරණයෙන් ජයගතහොත් අගමැතිවරයා පත්කරනු ලබන්නේ මහ මැතිවරණයෙන් පත්වන මන්ත්‍රීවරුන්ගේ අදහස් මත බවත් එම නිවේදනයේ දැක්වේ.