‘මහින්දට ගොරකා දඩමස් කරන්න හොඳට පුළුවන්‘ - හැරිසන්


‘කොටියා නැගිට්ටලා මහින්ද නැගිට්ටන්න හොරු ටික බලාගෙන ඉන්නවා. වළලපු කොටියා නැගිට්ටලා රටේ ත්‍රස්තවාදය නැවත පටන් ගන්න දැන් මේ මහින්ද නැගිට්ටවන කණ්ඩායම බලාගෙන ඉන්නවා යැයි සමාජ සේවා, සුබසාධන හා පශු සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා තලාව පුරාණ විහාරස්ථානයේ දහසක් වෙනුවෙන් ඇස් කණ්ණාඩි ප්‍රදානය කිරීමේ උත්සවයේ දී පැවසීය.

‘සමාජ වේබ් අඩවි තුළින් ත්‍රස්තවාදය නැවත රටේ ආරම්භ කරන්න දඟලනවා. කොටියාට නැවත පණ ලැබිලා කියලා මහින්දට හිතවත් සමාජ වේබ් අඩවි දැන් ජනතාව බය කරමින් ඉන්නවා. අපි කියන්නේ මේ ත්‍රස්තවාදය ආයේ නැගිට්ටන්න ලංකාව තුළ ඉඩක් නෑ. එහෙම තියෙද්දී මහින්ද මහත්තයාව නැගිට්ටවන්න මේ නරි රැළ කොටියාට පණ දෙන්න හදනවා. අපි කියන්නේ රටේ දළදා මාළිගාවට බෝම්බ තැබූ කරුණාට මහින්ද මහත්තයා කිරි පෙව්වා, ඒ මදිවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිකමක් දුන්නා. කේ.පී. තුරුලු කරන් කේ.පී. ගේ නැව්, කොටි සංවිධානයේ රත්තරං මංකොල්ල කෑවේ මහින්ද මහත්තයා. මහින්ද මහත්තයාට ගොරකා දඩමස් කරන්නත් දඩමස් ගොරකා කරන්නත් අපූරු හැකියාවක් තියෙනවා. රටේ අයට මතක ද දන්නේ නෑ රතුපස්වල ජනතාව වතුර ඉල්ලද්දී උණ්ඩයෙන් උත්තර දුන්නා. ඒ මදිවට නිදහස් ආයෝජන කලාපයේ තරුණ තරුණියන්ගේ අයිතිවාසිකම් වෙනුවට උණ්ඩයෙන් ප්‍රතිඋත්තර දුන්නා.‘ 

web1 web2 web3