‘මහින්දට ඉල්ලන් පරිප්පු කැව්වේ බැසිල්‘


සූදු කාරයා පොර කුකුලන් දමා සල්ලි හම්බ කරන්නාක් මෙන් හිටපු ජනපති ඉස්සරහට දමා පිරිසක් ඔට්ටු ඉල්ලන බව හිටපු ඇමැති මර්වින් සිල්වා මහතා කියයි.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නැවත පාර්ලිමේන්තුවට පැමිණීමට සූදානම් වීම ගැන විශාල කනගාටුවක් ඇතැයි ද ඔහු පවසයි.

ඔහු මේ බව පැවසුවේ පාර්ලිමේන්තුව විසිරවීමට පෙර ලංකාදීප එසැණ සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.

‘‘මම හිටපු ජනපති සමඟ ඉන්න කාලේ නම් මම කියන්නේ ‘සර් ඉල්ලන් පරිප්පු කෑවේ සර්නේ.. අවුරුදු දෙකක් තියෙද්දි කවුද සර්ට මේ මැතිවරණයට එන්න කිව්වේ. ඒ ලණුව දුන්නේ බැසිල් රාජපක්ෂ ‘ යැයි කියනවා.  ‘

බැසිල් රාජපක්ෂ යනු තමාගේ නිවසේ සිට තමා පසුපස පැමිණ දේශපාලනය කළ කෙනකු බවත්, දිවි නැඟුම මුදල් අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්  රාජපක්ෂ මහතා කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවක් ලබා දීම ගැන කනගාටු වන බවත් මර්වින් සිල්වා මහතා කියයි.

සුදුවෑන් සංස්කෘතියේ ගෝඩ් ෆාදර් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බව ද, මාධ්‍යවේදීන්ට වූ හිරිහැර සම්බන්ධයෙන් ද ඔහු වගකිවයුතු යැයි ද හිටපු මන්ත්‍රීවරයා පැවසීය.

‘බෙලිඅත්තෙන් අපත් සමඟ ආ මහින්ද රාජපක්ෂ නොවෙයි අන්තිමට හිටියේ. අන්තිමට මං දැක්කේ දොරටු පාලක රජ වුණා වගේ වැඩක්.

මං මැතිවරණයේ උදව් කළේ මෛත්‍රීපාල සිරිසේන මහතාට. එය කැලණිය ආසනයේ සේරම දන්නවා. හිටපු ජනපතිට උදව් කළේ නෑ. ‘

(ඔහු සමඟ කළ සම්පූර්ණ සාකච්ඡාව පහත වීඩියෝවෙන්)

(වීඩියෝ සනත් ඩෙස්මන්)