මහින්ද රාජපක්ෂ හිටපු ජනපති බලයට පත් වනවාට තමා බය යැයි ද, ඔහුගේ ආණ්ඩු සමයේ දැඩි මර්දනයක් පැවැති බව ද, ආණ්ඩුවට එරෙහිව කතා කරන පිරිස් මර්දනය කළ බව ද ජිප්සිස් නායක සහ ප්‍රසිද්ධ ගායක සුනිල් පෙරේරා මහතා කියයි.
සමාජ ශාලාවක දී තමා ගීතයක් ඝාතනය කළ පසු එහි සිටි පුද්ගලයකු තමාට පහර දුන් බවත්, ඔහු හිටපු ජනපතිගේ ඥාතියකු බවත් සුනිල් පෙරේරා සඳහන් කරයි.
මහින්ද නැවත දේශපාලනයට ඒම හරියට පොලිස්පති විශ්‍රාම ගොස් නැවත කොස්තාපල්වරයකු ලෙස සේවයට එනවා වගේ වැඩක් යැයි ද ඔහු පවසයි.
ඔහු මේ බව කීවේ ස්වර්ණවාහිනියේ වැඩසටහනකට සහභාගී වෙමිනි.
(වීඩියෝ ස්වර්ණවාහිනී අනුග්‍රහයෙනි)

