‘මහින්දට අගමැති වෙන්න පුළුවන්‘ - ජී.ඇල්


මහින්ද රාජපක්ෂ මහතාට අගමැති විය නොහැකියැයි පැවසීම සම්පූර්ණ වැරදි බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43 වැනි වගන්තියේ 3 වැනි උප වගන්තියට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ බහුතරයක විශ්වාසය දිනාගත් පුද්ගලයාට අගමැති ධූරය ලබාදීමට ජනපති බැඳී සිටින බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.ඇල්.පීරිස් මහතා අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

පාර්ලිමේන්තුවේ බහුතරය නොපිළිගන්නා පුද්ගලයකු අගමැති බවට පත්වුවහොත් ඒ තුළින් බිහිවන ආණ්ඩුව රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවට කිසිසේත් වෙනස් නොවන අකර්මන්‍ය හා අස්ථාවර ආණ්ඩුවක් බවත් ඔහු කීවේය.

web web1