‘මහින්දගේ ආණ්ඩුව ආරක්ෂා කළේ සරත් සිල්වා‘


වත්මන් පාර්ලිමේන්තුවේ ඉඳීම ලජ්ජා සහගත බවත් මෙය ව්‍යාපාරයක්  වී ඇති අතර සාරධර්ම , විනය පද්ධතියක් නැති බවත් මෙවැනි තත්ත්වයකට රට පත්වුණේ අධිකරණයේ ඇති යම් යම් අඩුපාඩු නිසා බවත් වැවිලි කර්මාන්ත ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (12) උඩුනුවර ආසන බලමණ්ඩල රැස්විමේදී පැවැසිය.

‘එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරු 65 ක් ගියා එහා පැත්තට පසුගිය වසර 10 තුළ. ඒ ගිය මන්ත්‍රිවරු 65 දෙනාගෙන් එක්කෙනෙකුගෙ ආසනය අධිකරණයෙන් අහිමි කළානම් එක්කෙනෙක්වත් යන්නෙ නෑ. නමුත් ඒ කාලෙ අධිකරණය කළේ මහින්ද රාජපක්ෂ මහත්තයට මන්ත්‍රිවරු එකතු කළ එක.‘

‘මම ඉස්කෝලෙ යන කාලෙ අතුරු මැතිවරණයකදි සී. ටී. බී. බස් එකක් පාවිච්චි කළා කියල ආසනය අහිමි කළා. ඒ කාලෙ හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා කළේ මහින්ද රාජපක්ෂ මහත්තයට මන්ත්‍රිවරු එකතු කිරිම එතුමාගේ ආණ්ඩුව ආරක්ෂා කිරිම.‘

CIMG5449 CIMG5451