‘මහින්දගේ අන්තිම උත්සාහයත් අසාර්ථකයි‘


මහින්ද  රාජපක්ෂ මහතාගේ  දුෂිතයන්  ආරක්ෂා කිරිමේ  අවසන්  උත්සහයත් අසාර්ථක වු  බව ශ්‍රි  ලංකා  මුස්ලිම්  කොංග්‍රසයේ  මහ ලේකම්  හසන්  අලි  මහතා  කීවේය.

මෙවර මැතිවරණයෙන්  පාර්ලිමේන්තුවට  බුද්ධිමත්  පිරිසක්  තේරි  ඇති අතර  රටට  මේ  ලැබි  ඇති  නිදහසින්  රටේ  පවතින ගැටලු වලට සහයෝගීව හා  එකතුව  විසඳුම් සෙවිය යුතු බවද ඔහු  ලංකාදීප එසැණට කීවේය.

ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසයට  මෙවර  මැතිවරණයේදි  ආසන 07 ක්  හිමිව ඇති  බවත් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දෙදෙනා තවමත්  තෝරා ගෙන නැති අතර බ්‍රහස්පතින්දා (20) තෝරා ගැනිමට  නියමිත බවද ඔහු  ප්‍රකාශ කළේය.